ඉන්දියාවට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක්
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 295කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (25දා) සමත් විය.
තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමල තරගයේ සිව්වන දිනය වන අද ලකුණු 238කට සියලු දෙනා දැවී ගියේය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 150ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 104කට දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණ.
වටවල බස් අනතුරක්
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් එහි ගමන් ගත් මගින් සිව්දෙනෙකු තුවාල ලබා අද (25) දින වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ උදැසන 6.40 ට පමණ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදිය.
ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවේ බස් රථය සහ හැටන් සිට මහනුවර දක්වා පෞද්ගලික බස් රථය එකිනෙක ගැටි මෙම අනතුර සිදු වි ඇත.
හැටන් සිට මහනුවර දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථය දැක බස් රථයේ තිරිංග ක්‍රියාත්මක කිරිමේදි පෞද්ගලික බස් රථයේ පසුපස කොටස ලිස්සා ගොස් ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පිටුපස කොටස දෙකට කැඩිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.

මැකොස බ්‍රහස්පතින්දා හමුවේ
මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා උදෑසන 10ට රැස්වීමට නියමිතය.
මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව ද මෙය වන අතර මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
අපොස උසස් පෙළ විභාගය අද සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සිට ආරම්භ වේ.
අද දිනයේ සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185ක් පෙනී සිටිති.
අද උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිතය. ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සියලුම විභාග අපේක්ෂකයන් වෙත දැනුම් දෙයි.

රුහුණ සරසවියට නිසි බලධරයෙක්
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඊට අදාල අති විශේෂ ගැසට් පත්‍රයක් අද නිකුත් කර තිබේ.හෙට සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර ඇති අතර එම වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය හිමිව තිබේ.
අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .